Monday, December 23, 2013

ලිනක්ස්, වින්ඩෝස් හා ශ්‍රී ලංකන්ස්

ශ්‍රී ලාංකිකයින්ට ලිනක්ස් වලටත් පුරුදු වුවහොත් වැඩ කිරීමට හැකිය. ප්‍රශ්නය යනු ඔවුන් එදා සිට සම්ප්‍රදායට භාවිත කල වින්ඩෝස් අතහැරියොත් ඔවුන්ගේ සියලුම වැඩකටයුතු ඇන හිටින බැවිනි.

යාන්තං කම්පියුටර් දන්න එකෙක්ගෙන් ඇහුවොත් ඉතින් කියන්නේ "ලිනක්ස් හොඳ ඩිවලර්පර්ලට බවය" ඒ උන්ගේ ගොන් කමය. අලුතෙන් යමක් කරනවා කියා පෙන්වීමට ලිනක්ස් දාගෙන සිටිති. හොරෙන්ම වින්ඩෝස් 7ත් ඩුවල් බූට් එකේය. පොඩි කාලේ ඉඳහන් වින්ඩෝස් වලින් කම්පියුටර් ගහපු උදවිය, යාන්තං මොකක් හරි ඩිග්‍රියක් කරොත් ඉතින් වින්ඩෝස් වහ කදුරු වගේය. ඒ උන්ට උගන්නන හැටිය. ඊට පස්සේ අපි ඕපන් සෝස් කියාගෙන දඟලති

ලිනක්ස් වල වරදක් කියනවා නොවේ. ඇත්ත කතාව නම් ලංකාවේ බහුතරයක් වින්ඩෝස් හොර කොපි වේවා ඇත්ත කොපි වේවා පාවිච්චි කරයි. ලිනක්ස් වලට දෙන උන් ඒක නීති විරෝදියි කියති. ඇත්ත නේ ඉතින්. දුප්පත් කමට මිනිස්සු මොනවා කරන්නද ? 20000ක් දීලා කම්පියුටර් එකක් ගත්තත් ආයෙත් ඒ වගේම ගාණක් දීලා ඕ.එස් එකක් ගන්න පුලුවන් කීයෙන් කීදෙනාට ද ?

මොකා මොන විදියට කෑගැහුවත් සාමාන්‍ය මිනිසුන්ගෙන් නම් වින්ඩෝස් ඈත් කරන්න බැරි වෙයි වගේ.

ආණ්ඩුව පහුගිය කාලේ ආණ්ඩුවේ කන්තෝරුවල කම්පියුටර් වලට ලිනක්ස් ගෙනෙන කතාවක් ගෙන ගියේය. ගොඩක් කන්තෝරුවල උදවියට ආරංචියේ හැටියට ලින්කස් සහ ඕපන් ඔෆීස් ට්‍රේන් කර ඇත. නමුත් අසාර්ථක වී ඇති බවක් පෙනේ. තවමත් ආණ්ඩුවේ සිස්ටම් දුවන්නේ වින්ඩෝස් උඩ ය.

අනික් කතන්දරේ නම් මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගම ආණ්ඩුව සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන සිටිති. ඔවුන් පාසල් වලට පරිගණක ඒකක සැදීමට උදව් දෙති සහ වෙනත් වැඩ වලට දායක වෙති.

මම මේ ලිනක්ස් හෝ වින්ඩෝස් වල තාක්ශණික පැත්ත කම්පෙයා කරේ නැත. ශ්‍රී ලාංකිකයින් හා ලිනක්ස් වල පැතිකඩ නිරූපණය කිරීමට උත්සහා කරා පමණි

Sunday, December 22, 2013

කරුණාගේ කොලම

කවුරු කවුරුත් බ්ලොග් ලියන එකේ මටත් හිතුනා එකක් ලියන්ඩ. බල්න්ඩකෝ හොඳයිද කියලා